Watch : අයර්ලන්තයේ සුපිරි පන්දු යැවීම හමුවේ ස්ටොක්ස් අසරණ වූ හැටි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය මෙරට වේලාවෙන් අද(26) පෙරවරුවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, එංගලන්ත කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව අයර්ලන්ත පිතිකරුවන් පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 157 ක්.

නායක ඇන්ඩි බල්බර්නි පන්දු 47 කින් ලකුණු 62 ක් රැස් කළ අතර, ලෝකන් ටකර් ලකුණු 34 ක් ලබා ගත්තා. කර්ටිස් කැම්පර් ලකුණු 18 යි.

පන්දු යැවීමේ දී ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 17 කට කඩුලු 3 ක් හා මාර්ක් වුඩ් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ එංගලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට අයර්ලන්ත වේග පන්දු යවන්නන් සමත් වුණා.

ජොස් බට්ලර් ලකුණු නොලබා දැවී ගියේ ඉනිමේ දෙවැනි පන්දුවේ දී යි. ඇලෙක්ස් හේල්ස් ලකුණු 7යි. බෙන් ස්ටොක්ස් ලබා ගත්තේ ලකුණු 6 ක් පමණයි.

ස්ටොක්ස් දැවී ගියේ Fionn Hand යොමු කළ සුපිරි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...