නම් කෙරුණු අතිරේක ක්‍රීඩකයින් තවමත් ලංකාවේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතයට අතිරේක ක්‍රීඩකයින් ලෙස පසුගියදා නම් කෙරුණු අසිත ප්‍රනාන්දු, මතීෂ පතිරණ හා නිරෝෂන් දික්වැල්ල තවමත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් නොමැති බව newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඔවුන්ට එරටට පිටත්ව යාමට අවශ්‍ය වීසා මෙතෙක් නොලැබීම හේතුවෙන් ඔවුන් එලෙස තවමත් මෙරට රැදී සිටින බව සදහන්.

ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වීම හේතුවෙනුයි මෙම ක්‍රීඩකයින් තිදෙනා අතිරේක ක්‍රීඩකයින් ලෙස ඔස්ට්‍රේලියාව වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ.

බිනුර ප්‍රනාන්දු ද ඊයේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේ දී ආබාධයකට ලක් වූ අතර, ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා සංචිතය සමග එරට රැදී සිටින වේග පන්දු යවන්නන් අතරින් ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක සිටින්නේ ලහිරු කුමාර, ප්‍රමෝද් මදුෂාන් හා කසුන් රාජිත යන වේග පන්දු යවන්නන් පමණයි.

ප්‍රමෝද් මදුෂාන් ද මීට පෙර ආබාධයකට ලක් වූ නමුත් ඔහු මේ වන විට එම ආබාධයෙන් සුව අතට පත්ව සිටිනවා.

ඩිල්ෂාන් මදුෂංක, දුෂ්මන්ත චමීර හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් ද ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් කිරීමටයි මීට පෙර පියවර ගැණුනේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...