ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට

Date:

ඉන්දියාව සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කරමින් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(3) සමත් වුණා.

ඉන්දෝර්හි පැවැති තරගයේ තෙවැනි දිනය වූ අද දිනය ආරම්භයේ දී සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියාව තරගය ජය ගැනීම සදහා තමන්ට ලැබී තිබූ ලකුණු 76 ක ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදී පසුකර යාමට සමත් වුණා.

ඔස්ට්‍රේලියාව ලකුණු රැස් කිරීම ආරම්භ කිරීමටත් පෙර දිනයේ දෙවැනි පන්දුවෙන්ම උස්මාන් කවාජා ලකුණු නොලබා දැවී ගියේ රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේයි(දර්ශන පහතින්).  එම කඩුල්ල තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට ද යම් බලාපොරොත්තුවක් ගෙන ආ නමුත්, ට්‍රැවිස් හෙඩ් සමග පිටියේ එක් වූ මර්නස් ලබුෂේන් දෙවැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 78 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දියාවේ සියලු බලාපොරොත්තු බොද කර දැමුවා.

හෙඩ් නොදැවී ලකුණු 49 ක් ද, ලබුෂේන් නොදැවී ලකුණු 28 ක් ද රැස් කළා.

කෙසේ වෙතත්, තරග 4 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස තවමත් පෙරමුණේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 109 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 197 ක් ලබා ගත්තා. අනතුරුව ඉන්දියාව සිය දෙවැනි ඉනිමට රැස් කළේ ලකුණු 163 ක් පමණයි.

Also Read : ලයන්ගේ කඩුලු 8 හමුවේ ඔස්ට්‍රේලියාවට ලකුණු 76 ක ඉලක්කයක් : Day 2 Report

නේදන් ලයන් ලකුණු 64 කට කඩුලු 8 ක් බිද හෙලමින් ඉන්දීය දෙවැනි ඉනිම අඩපන කළා. ඉන්දීය දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ චෙටස්වර් පුජාරා ලකුණු 59 ක් ලබා ගත්තේ පන්දු 142 කින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...