WTC අවසන් තරගයට යන්නේ ඉන්දියාව ද? ශ්‍රී ලංකාව ද? ක්‍රමවේදය මෙන්න

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ ස්ථානයක් ඔස්ට්‍රේලියාවට වෙන් කරමින් ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) ඉන්දෝර් හී දී නිමා වුණා.

අවසන් මහා තරගය එංගලන්තයේ ලන්ඩන් නුවර “ද ඕවල්” ක්‍රීඩාංගනයේ දී ජූනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වායි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

අවසන් තරගය සදහා ජූනි 12 වැනිදා අතිරේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2021-23 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවමත් ඔස්ට්‍රේලියාව හිමි කර ගෙන ඇත්තේ 68.52 % ක ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගනිමින්. ඉන්දියාව (60.29%) දෙවැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව (53.33) තෙවැනි ස්ථානයේත් පසුවනවා.

අද දිනයේ දී ඉන්දියාවට එරෙහිව ලැබූ කඩුලු 9ක ජයත් සමග ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට ද සමත් වූ අතර, ඒ අනුව ඔවුන් අවසන් තරගය සදහා ක්‍රීඩා කරන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් කණ්ඩායම ලෙසයි.

කෙසේ වෙතත්, ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ කවුරුන්ද යන්න මෙතෙක් තීරණය වී නැහැ.

ඉන්දියාවට හෝ ශ්‍රී ලංකාවට පමණක් ඒ සදහා අවස්ථාව පවතින අතර, අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමටනම් ශ්‍රී ලංකාවට නවසීලන්ත තරග සංචාරයේ දී ක්‍රීඩා කරන තරග දෙකම අනිවාර්යයෙන්ම ජය ගැනීමට සිදු වනවා.

නමුත්, ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන සිව්වැනි හා අවසන් ටෙස්ට් තරගය ඉන්දියාව ජයගතහොත් කිසිදු ගැටලුවකින් තොරව ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව දෙවැනි වරටත් ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගන්නේ ශ්‍රී ලංකාවට එම අවස්ථාව අහිමි කරමින්.

ඒ අනුව ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඉන්දියාව සිව්වැනි ටෙස්ට් තරගය පරාජයට පත් වීම හෝ එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම ද අනිවාර්යයෙන් සිදු විය යුතුයි.

සිව්වැනි ටෙස්ට් තරගයේ ප්‍රතිපලය කුමක් වුවත්, ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී එක් තරගයක් පරාජයට පත් වීම හෝ එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වීම ඉන්දියාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රමාණවත් වනවා.

ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබීමටනම් – ඉතිරි ටෙස්ට් තරග දෙකම ජය ගැනීම හා ඉන්දු – ඔස්ට්‍රේලියා සිව්වැනි තරගය ඉන්දියාව පරාජය වීම හෝ ජය පරාජයෙන් තොරව නිමා වීම සිදු විය යුතුයි.

ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබීමටනම් – සිව්වැනි ටෙස්ට් තරගය ජය ගැනීම හෝ, ශ්‍රී ලංකාව එක් තරගයක් පරාජය වීම හෝ එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා වීම සිදු විය යුතුයි.

අවසන් තරගයට කණ්ඩායම් සුදුසුකම් ලබන අයුරු පැහැදිලි කරන වීඩියෝව පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...