ලයන්ගේ කඩුලු 8 හමුවේ ඔස්ට්‍රේලියාවට ලකුණු 76 ක ඉලක්කයක්

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ඉන්දෝර්හි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (2) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඔස්ට්‍රේලියාවට හිමි කරමින්.

අද දිනය නිමා වුණේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 163 කට දැවී යාමත් සමගයි. ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 76 ක්.

නේදන් ලයන් ලකුණු 64 කට කඩුලු 8 ක් බිද හෙලමින් ඉන්දීය දෙවැනි ඉනිම අඩපන කළා. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ චෙටස්වර් පුජාරා ලකුණු 59 ක් ලබා ගත්තේ පන්දු 142 කින්. හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ස්ටීවන් ස්මිත් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේයි පුජාරා දැවී ගියේ. (දර්ශන පහතින් නරඹන්න)

ෂ්රෙයස් අයියර් ලකුණු 26 ක්, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 16ක්, අක්සාර් පටෙල් නොදැවී ලකුණු 15ක්, විරාත් කෝලි ලකුණු 13 ක් හා රෝහිත් ෂර්මා ලකුණු 12 ක් රැස් කළා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 156 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණයි. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව රැස් කළ ලකුණු 109 ට පිළිතුරු වශයෙන්.

5 වැනි කඩුල්ල සදහා පීටර් හැන්ඩ්ස්කොම්බ් හා කැමරන් ග්‍රීන් අතර ලකුණු 40 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු නමුත්, හැන්ඩ්ස්කොම්බ් ලකුණු 19 කට දැවී යාමත් සමග ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 11 ක් තුළ බිද වැටීම කැපී පෙනුණා.

කැමරන් ග්‍රීන් ලකුණු 21 යි. උස්මාන් කවාජා ලකුණු 60 ක් ලබා ගත්තා. මර්නස් ලබුෂේන් ලකුණු 31 කටත්, ස්ටීවන් ස්මිත් ලකුණු 26 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4 ක් ද, ආර් අශ්වින් හා උමේෂ් යාදව් කඩුලු 3 බැගින් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...