නවසීලන්ත කණ්ඩායම අගෝස්තු මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරග සංචාරයක නිරත වන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය අද(2) නිවේදනය කළා.
එම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිත අතර, තරග පැවැත්වෙන ක්‍රීඩාංගන මෙතෙක් තීරණය කර නැහැ.
නවසීලන්ත කණ්ඩායම එංගලන්තයට එරෙහිව සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කිරීම සදහා එංගලන්තය බලා ගමන් කරන අතරවාරයේ දී මෙම තරගාවලිය ද ක්‍රීඩා කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
නවසීලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර මීට පෙර ජාත්‍යන්තර තරග පවත්වා ඇත්තේ එක් අවස්ථාවකදී පමණයි.
1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එක්දින තරගයක් ලෙස එය පවත්වා ඇති අතර, ඉන් අනතුරුව මෙම කණ්ඩායම් දෙක අතර කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නැහැ.

