ඉන්දියාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 33 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමග සමත් වුණා.

ඩබ්ලින් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 185 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

ආරම්භක පිතිකරු ඇන්ඩි බල්බර්නි පන්දු 51 කින් ලකුණු 72 ක් වාර්තා කළ නමුත්, එය ජයග්‍රහනය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ. හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක පෝල් ස්ටර්ලින්ග් හා ලෝකන් ටකර් ලකුණු නොලබා දැවී ගියා. හැරී ටෙක්ටර් ලකුණු 7යි. කර්ටිස් කැම්පර් ලකුණු 18 ක් රැස් කළ අතර, ජෝර්ජ් ඩොක්‍රෙල් ලකුණු 13 කටත්, මාර්ක් අඩයර් ලකුණු 23 කටත් දැවී ගියා. බැරී මැකාති ලකුණු 2 යි.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 15 කට කඩුලු 2 ක් ද, ප්‍රසිද් ක්‍රිෂ්නා ලකුණු 29 කට කඩුලු 2 ක් ද, රවී බිෂ්නෝයි ලකුණු 37 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් රුටුරාජ් ගයික්වඩ් පන්දු 43 කින් ලකුණු 58 ක් රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 6ක් සමගින්.

ඔහුගේ ආරම්භක සගයා වූ යශස්වි ජයිස්වාල් ලකුණු 18කට දැවී ගිය අතර, තිලක් වර්මා රැස් කළේ එක් ලකුණක් පමණයි.

සංජු සැම්සන් පන්දු 26 කින් ලකුණු 40 ක් ලබා ගත්තා. රින්කු සිං ඉන්දීය ඉනිමට වේගවත් අවසානයක් හිමි කර දුන්නේ පන්දු 21 කින් ලකුණු 38 ක් වාර්තා කරමින්. හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් රින්කුගේ ඉනිමට ඇතුළත්. ශිවම් ඩූබේ නොදැවී ලකුණු 22යි.

පන්දු යැවීමේ දී බැරී මැකාති කඩුලු 2 ක් දවා ගත් අතර, මාර්ක් අඩයර්, ක්‍රෙයිග් යන්ග් හා බෙන් වයිට් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස මේ වන විට ඉන්දියාව පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...