එමීර් රාජ්‍යට එරෙහි 20යි 20 තරගාවලියේ ජය නවසීලන්තයට

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගයෙන් නවසීලන්තය ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබියේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණයි.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් විල් යන්ග් ලකුණු 56(46) ක් හා මාර්ක් චැප්මන් ලකුණු 51(32) ක් රැස් කළා. පන්දු යැවීමේ දී Junaid Siddique ලකුණු 26 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් Aayan Afzal Khan පන්දු 36 කින් ලකුණු 42ක් වාර්තා කළ අතර, Basil Hameed නොදැවී ලකුණු 24 යි.

පන්දු යැවීමේ දී බෙන් ලිස්ටර් ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...