ඇෆ්ඝනිස්තානය හා සැසදීමේ දී බංග්ලාදේශ තරගය පහසුයි : දසුන්

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හා සසදා බැලීමේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ආසියානු කුසලාන තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිතව ඇති මීළග තරගය පහසු තරගයක් ලෙස සැලකිය හැකි බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඇෆ්ඝනිස්තානය හමුවේ කඩුලු 8ක දරුණු පරාජයකට ලක්වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සදහන් කළා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ඉතා ප්‍රබල මෙන්ම ලෝක මට්ටමේ බලඇණියක් බවයි දසුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, බංග්ලාදේශ කණ්ඩායම සතුව එවැනි ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් නොමැති බව ශ්‍රී ලංකා නායකයාගේ අදහසයි.

මුස්ටර්ෆිසුර් රහ්මාන් හා ශකිබ් අල් හසාන් වැනි ඉතා දක්ෂ පන්දු යවන්නන් බංග්ලාදේශය සතු වන නමුත්, ඔවුන් හැර වෙනත් ලෝක මට්ටමේ පන්දු යවන්නන් බංග්ලාදේශය සතු නොවන බවයි දසුන් ශානක කියා සිටියේ.

ALSO READ : තරග පැරදුණත් මෙහෙම පරදින්න තරම් සුදුසු කණ්ඩායමක් නෙවෙයි අපි : දසුන් ශානක

ඒ අනුව ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය සංසන්ධනය කිරීමේ දී ඇෆ්ඝනිස්තානයට වඩා බංග්ලාදේශයට එරෙහි තරගය පහසු වනු ඇති බව ශ්‍රී ලංකා නායකයාගේ විශ්වාසයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...