තරග පැරදුණත් මෙහෙම පරදින්න තරම් සුදුසු කණ්ඩායමක් නෙවෙයි අපි : දසුන් ශානක

Date:

තරග පරාජයට පත් වීම සාමාන්‍ය සිද්ධියක් වන නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි (ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගයේ දී ලැබූ පරාජය මෙන්) දරුණු පරාජයකට ලක් වීමට තරම් සුදුසු කණ්ඩායමක් නොවන බව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඇෆ්ඝනිස්තානය හමුවේ කඩුලු 8ක දරුණු පරාජයකට ලක්වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන්ට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් නිසි අයුරින් සූදානම් වූයේ ද යන්න සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බව දසුන් කියා සිටියා.

මේ අතර, මෙම තරගයේ දී තෙවන විනිසුරු විසින් ලබා දුන් ඇතැම් තීරණ සම්බන්ධයෙන් ද දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති කරනු ලැබුවා.

පැතුම් නිස්සංකගේ දැවී යාම ද නොදැවී යාමක් ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කළ ද, තෙවන විනිසුරු විසින් එය දැවී යාමක් ලෙස සංඥා කරනු ලැබුවේ ජාත්‍යන්තර විස්තර විචාරකයින්, ක්‍රීඩකයින් හා ප්‍රේක්ෂකයින් ද මවිතයට පත් කරමින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දසුන් ශානකගෙන් මෙම මාධ්‍ය හමුවේ දී විමසා සිටියා.(දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...