ICC තරගාවලියන්හි විකාශන අයිතිය යළිත් Disney Star සමාගමට

Date:

2024 වසරේ සිට 2027 වසර දක්වා අයි.සී.සී තරගාවලියන්හි ඉන්දීය කලාපයේ විකාශන අයිතිය හිමි කර ගැනීමට Disney Star (Star Sports) සමාගම සමත්ව තිබෙනවා.

ඒ අනුව 2027 වසර දක්වා පැවැත්වෙන පිරිමි හා කාන්තා යන දෙඅංශයේම අයි.සී.සී තරගාවලියන්හි රූපවාහිනී හා ඩිජිටල් විකාශන අයිතිය Disney Star සමාගම සතුවන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) නිවේදනය කළේ.

පසුගිය සිකුරාදා දිනයේ දී විකාශන අයිතිය ලබා ගැනීම වෙනුවෙන් ලංසු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දී තිබූ අතර, එහිදී ජයග්‍රහනය කළ සමාගමේ නම අයි.සී.සීය ඊයේ(27) රාත්‍රියේ දී නිවේදනය කළා.

Disney Star සමාගම විසින් ඉදිරිපත් කර තිබූ ලංසු මුදල සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය අනාවරණය කිරීමක් සිදු කර නැහැ.

කෙසේ වෙතත්, එය අමෙරිකානු ඩොලර් බිලියන 1.44 කට අධික වටිනාකමක් වන බව සදහන්.

Viacom 18, Sony Sports හා Zee Network යන සමාගම් ද විකාශන අයිතිය ලබා ගැනීම සදහා ලංසු ඉදිරිපත් කර තිබුණා.

මේ වන විට ද අයි.සී.සී තරගාවලියන්හි ඉන්දීය කලාපයේ විකාශන අයිතිය හිමිව ඇත්තේ Disney Star සමාගමටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...