ඩුසේන් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

Date:

දකුණු අප්‍රිකානු පිතිකරු රසී වැන් ඩර් ඩුසේන්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

මැන්චෙස්ටර්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී පන්දු රකිමින් සිටියදී යි ඔහු එම ආබාධයට ලක්ව තිබුණේ.

වැන් ඩර් ඩුසේන් වෙනුවට තෙවැනි ටෙස්ට් තරගය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර් ආදේශ කිරීමට දකුණු අප්‍රිකා තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර, අවසන් ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ලන්ඩන් නුවර Kia Oval ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

South Africa Test squad:

Dean Elgar, Sarel Erwee, Marco Jansen, Simon Harmer, Keshav Maharaj, Aiden Markram, Wiaan Mulder, Lungi Ngidi, Anrich Nortje, Keegan Petersen, Kagiso Rabada, Ryan Rickelton, Lutho Sipamla, Kyle Verreynne, Khaya Zondo, Glenton Stuurman

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...