ආරක්ෂක ගැටලු හමුවේ ලෝක කුසලානයට තවත් ප්‍රශ්නයක්

Date:

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ පැවැත්වීමට නියමිත පාකිස්තාන-නවසීලන්ත තරගය ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

ඒ, ආගමික උත්සව හේතුවෙන් තරගය සදහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීම සම්බන්ධයෙන් සහතික වීමට පොලීසියට නොහැකි වීම හේතුවෙන්.

මෙම තරගය එළඹෙන 29 වැනිදා හයිදරාබාද් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හයිදරාබාද් ක්‍රිකට් සංගමය විසින් මේ පිළිබද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුවත් කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත්, එම තරගය නැරඹීම සදහා මේ වන විටත් ප්‍රේක්ෂකයින් රැසක් ‌ප්‍රවේශ පත්‍ර මිල දී ගෙන අවසන්.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

මීට පෙර ද ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු හේතුවෙන් තරගාවලියේ තරග කාලසටහන ද සංශෝදනය කිරීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...