රූට්ගේ බලාපොරොත්තු වැස්සට සේදෙයි

Date:

එංගලන්තය හා අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරුවන් කටයුතු කළා.

වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කිරීමට හැකි වූයේ නැහැ.

තරගය එංගලන්තයේ ලීඩ්ස්හි හීඩින්ග්ලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිය සුපුරුදු රිද්මය සොයා ගැනීමේ අරමුණින් මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි එංගලන්තයේ ජෝ රූට්ගේ එම බලාපොරොත්තු ද බිද වැටුණා.

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දී පිතිකරණයෙන් දක්ෂතා දැක්වීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මෙම තරගය සදහා පමණක් එංගලන්ත සංචිතයට ආදේශ කෙරුණේ ඔහුගේ ඉල්ලීමකට අනුවයි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 23 වැනිදා නොටින්හැම් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...