දකුණු අප්‍රිකා ප්‍රබල වේග පන්දු යවන්නන් දෙදෙනෙකුට ලෝක කුසලානය අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකානු ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකුට එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ආබාධවලට ලක් වීම හේතුවෙන් අන්රික් නොකියාට හා සිසන්ඩා මාගලාට මෙලෙස ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති බවයි.

ඔවුන් දෙදෙනා වෙනුවට ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා ලිසාද් විලියම්ස් ලෝක කුසලාන සංචිතයට ආදේශ කිරීමට ද එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

නොකියා පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක් වුණේ ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී යි.

ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි එක්දින තරගය පමණක් ක්‍රීඩා කළ සිසන්ඩා මාගලාගේ වම් දණහිසෙහි ආබාධයක් සිදුව තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

දකුණු අප්‍රිකා කණ්ඩායම එළඹෙන 23 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යන අතර, ඔවුන් ලෝක කුසලානය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

South Africa’s ODI World Cup squad

Temba Bavuma (c), Gerald Coetzee, Quinton de Kock (wk), Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Andile Phehlukwayo, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Lizaad Williams

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...