LPL followers ලාගේ නීතිය ඉවතට

Date:

2026 LPL ක්‍රිකට් තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරමින් නිකුත් කර තිබූ ක්‍රීඩක සුදුසුකම් පිළිබද මාර්ගෝපදේශ මාලාවට සංශෝදනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ලියාපදිංචි වන ක්‍රීඩකයින්ට පනවා ඇති සුදුසුකම් ලැයිස්තුවේ තිබූ සමාජ මාධ්‍ය අනුගාමිකයින් (followers) පිළිබද නීතිය මේ වන විට ඉන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Icon කාණ්ඩයෙන් හා Star කාණ්ඩයෙන් ලියාපදිංචි වන ක්‍රීඩකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ 250,000 කට වැඩි අනුගාමිකයින් (followers) පිරිසක් සිටිය යුතු බටවත්, Gold කාණ්ඩයෙන් ලියාපදිංචි වන ක්‍රීඩකයෙක්ට 150,000 ක අනුගාමිකයින් ප්‍රමාණයක් සිටිය යුතු බවටත් ඊයේ නිකුත් කර තිබූ මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත්, මේ වන විට එම නීතිය ඉවත් කරමින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Icon කාණ්ඩයෙන් ලියාපදිංචි වන ක්‍රීඩකයින් ජාත්‍යන්තර විස්සයි 20 තරග 75ක්, franchise විස්සයි 20 තරග 100 කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබීම මෙන්ම අවසන් මාස 18 තුළ තරග 30 ක් ක්‍රීඩා කර තිබීම අනිවාර්ය කර තිබෙනවා.

Star කාණ්ඩයෙන් ලියාපදිංචි වන ක්‍රීඩකයින් ජාත්‍යන්තර විස්සයි 20 තරග 50 ක්, franchise විස්සයි 20 තරග 100 කට වැඩි ප්‍රමාණයක් හා අවසන් මාස 18 තුළ තරග 30 ක් ක්‍රීඩා කර තිබිය යුතුයි.

Gold කාණ්ඩයෙන් ලියාපදිංචි වන ක්‍රීඩකයින් ජාත්‍යන්තර විස්සයි 20 තරග 30 ක්, franchise විස්සයි 20 තරග 75 කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබීම මෙන්ම අවසන් මාස 18 තුළ තරග 20 ක් ක්‍රීඩා කර තිබීම අනිවාර්ය කර තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...