ලංකාවට එරෙහි ටෙස්ට් තරග අඩු කරන්න එංගලන්තයේ අවධානය

Date:

2027 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ සිදු කිරීමට නියමිත ටෙස්ට් තරග සංචාරවලදී එක් ටෙස්ට් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

The Guardian වාර්තා කර ඇත්තේ එංගලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලි සදහා තරග 5ක් ඇතුළත් කරමින් ක්‍රීඩා කිරීමට එංගලන්තයේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි.

ලබන වසරේ සිට ආරම්භ වන මීළග ලෝක ටෙස්ට් ශූරතාවලියට (WTC) ටෙස්ට් රටවල් 12 ම ඇතුළත් කිරීමට අයි.සී.සීයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව WTC යටතේ පැවැත්වෙන එක් ටෙස්ට් තරගාවලියක් සදහා එක් ටෙස්ට් තරගයක් පමණක් ඇතුළත් කරමින් තරගාවලි සංවිධාන කිරීමට ද අවසර හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් නීතිය අනුව එක් ටෙස්ට් තරගාවලියක් සදහා අවම වශයෙන් ටෙස්ට් තරග දෙකක් පැවැත්විය යුතුයි.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත මෙම සංශෝදනයත් සමග ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ සිදු කරන සංචාරවලදී එක් ටෙස්ට් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමටත්, සීමිත පන්දුවාර තරග වැඩි වශයෙන් ක්‍රීඩා කිරීමටත් එංගලන්තයේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත්, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරග 5 කින් යුත් තරගාවලි සංවිධාන කිරීමට මේ වන විටත් සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...