මැතිව්ස්ගෙන් එංගලන්තයට සැර උත්තරයක්

Date:

ශ්‍රී ලංකාව කිසිදු රටක් සමග එක් ටෙස්ට් තරගයක් පමණක් ඇතුළත් තරගාවලි ක්‍රීඩා නොකළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

2027 වසරෙන් පසුව සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා හා බංග්ලාදේශ තරග සංචාරවලදී එක් ටෙස්ට් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමට එංගලන්තයේ අවධානය යොමුව ඇති බවට මාධ්‍ය වාර්තා පලව ඇති පසුබිමකයි ඇන්ජෙලෝ මැතිව්ස් ට්විටර් (X) පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කළේ.

“අපි කිසිම කණ්ඩායමක් එක්ක එක ටෙස්ට් තරගයක් විතරක් ක්‍රීඩා කරන්න ඕනේ නෑ. යම් රටක් ටෙස්ට් තරග එකකට වඩා ක්‍රීඩා කිරීමට කැමති නැත්නම් එහෙම වෙන්න දෙන්න! ‘විශාල රටවල්’ කියලා දෙයක් නෑ. ටෙස්ට් වරම් හිමි සියලුම රටවල් සමානයි. එකම ලෝක ටෙස්ට් ශූරතාවලියක් තුළ එක් කණ්ඩායමක් තරග 20ක් ක්‍රීඩා කරද්දී තවත් කණ්ඩායමක් තරග 10ක් පමණක් ක්‍රීඩා කරන එක සාධාරණ නෑ. ආදායම් උපයා ගැනීම සහ ටෙස්ට් ක්‍රිකට් ජීවමානව තබා ගැනීම කියන්නේ වෙනස් කාරණා දෙකක්. ඒ දෙක එකට මිශ්‍ර කරන්න හොඳ නැහැ!” යනුවෙන් මැතිව්ස් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...