ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය යාපනය හා ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ පසුගිය 2024 වසරේ ශූරතාවය දිනූ හා අනුශූරතාවය දිනූ කණ්ඩායම් දෙක තරග වදින එම තරගය ජූලි 17 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවයි.
සමාරම්භක උත්සවය ද එම තරගය ආරම්භ වීමට පෙර එස්.එස්.සී ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තරගාවලිය එදින සිට අගෝස්තු 8 වැනිදා දක්වා ක්‍රීඩාංගන 4කදී පැවැත්වීමට නියමිතයි.
එස්.එස්.සී ක්‍රීඩාංගනය හැරුණු විට ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ හා දඹුල්ල යන ක්‍රීඩාංගනවලදී ද තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

