මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට එම කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඒ අනුව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Richard Gleeson සංචිතයට ආදේශ කිරීමටයි බැංගලූරු කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.
ඉන්දීය රුපියල් කෝටි 1.6 ක මුදලකට ඔහු කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
නුවන් තුෂාර මෙවර තරගාවලියට එක්වීමට ගිවිසුම්ගත වී සිටියත්, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා නුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර (NOC) ලබා දුන්නේ නැහැ.

