බංග්ලාදේශය ලැබූ ඓතිහාසික ටෙස්ට් ජයෙන් පසු අලුත් වූ WTC ප්‍රසාද ලකුණු සටහන

Date:

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව පාකිස්තානය හා එංගලන්තය අභිබවා ඉදිරියට පැමිණීමට බංග්ලාදේශයට හැකි වී තිබෙනවා.

තරග 3 කින් එක් තරගයක් ජය ගෙන ඇති බංග්ලාදේශය එක් තරගයක් පරාජයට පත් වූ අතර, තවත් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට බංග්ලාදේශයට හැකි වුණා.

සංචාරක පාකිස්තානය පරදා ලැබූ ඓතිහාසික ටෙස්ට් තරග ජයෙන් පසුවයි බංග්ලාදේශය මෙලෙස ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට සමත්ව ඇත්තේ.

මීර්පූර්හි පැවැති ටෙස්ට් තරගයෙන් ඔවුන් ලකුණු 104 ක ජයක් වාර්තා කළ අතර, එය ඔවුන් පාකිස්තානයට එරෙහිව සිය රටේදී ලැබූ පළමු ටෙස්ට් ජයයි.

මේ වන විට දෙරට අතර අවසන් වරට පවත්වා ඇති ටෙස්ට් තරග තුනම ජය ගැනීමට සමත්ව ඇත්තේ ද බංග්ලාදේශය වීම විශේෂත්වයක්.

මේ අතර, ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් රැදී සිටින්නේ සිව්වැනි ස්ථානයේයි.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...