එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායමේ හිටපු කඩුලු රකින ක්රීඩිකා සාරා ටේලර් නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්රිකට් තරගාවලිය සඳහා ක්රීඩා කරන එංගලන්ත පිරිමි කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
ඇය මෙවර ශීත ඍතුවේදී ‘එංගලන්ත ලයන්ස්’ කණ්ඩායම සමඟින් ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් සමඟ සමීපව කටයුතු කළ අතර, අදාළ තනතුර සඳහා ඇයව තාවකාලිකව පත් කර ඇත්තේ මේ වන විට ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ කටයුතු කරන කාල් හොප්කින්සන් වෙනුවටයි.
ලෝඩ්ස් ක්රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගය සඳහා ක්රීඩා කරන එංගලන්ත සංචිතය නිවේදනය කිරීමෙන් අනතුරුව එංගලන්ත පිරිමි ක්රිකට් අධ්යක්ෂ රොබ් කී විසින් සාරා ටේලර්ගේ පත්වීම තහවුරු කළා.

