LPL තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(12) නිවේදනය කළා.

තරගාවලිය ජූලි 31 වැනිදා සිට ආරම්භ වන බවට මීට පෙර නිවේදනය කර තිබුණත්, අද නිකුත් කළ තරග කාලසටහනට අනුව තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අගෝස්තු පළමු වැනිදායි.

පළමු තරගය පසුගියවර ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා අනුශූරතාවය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය පස්වරු 3ට ආරම්භ වීමට නියමිත අතර, එදින රාත්‍රී 7.30ට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගයක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර තරගාවලිය සදහා ද කණ්ඩායම් 5ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. තරගාවලිය සදහා තරග 24ක් ඇතුළත්.

තරගාවලියේ මූලික වටයට තරග 20ක් ඇතුළත් වන අතර, අවසන් වටය යටතේ තරග 4 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ පළමු තරග 14 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, අගෝස්තු 13 වැනිදා සිට පැවැත්වෙන ඉතිරි තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...