Watch : එංගලන්තයේ ප්‍රබල පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු නොලබා දැවී ගිය හැටි

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද(12) ආරම්භ වුණා.

පළමු තරගය මේ වන විට පැවැත්වෙන්නේ ලන්ඩන් නුවර ‘ද ඕවල්’ ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීම සදහා එංගලන්තයට ආරාධනා කළා.

කෙසේ වෙතත්, එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දුවාර 8ක් අවසන් වන විටත් ඔවුන්ගේ ප්‍රබල පිතිකරුවන් 5 දෙනෙකු යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්ව තිබුණා.

ජේසන් රෝයි, ජෝ රූට්, බෙන් ස්ටොක්ස් හා ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්. ජොනී බෙයාර්ස්ටව් රැස් කළේ ලකුණු 7ක් පමණයි.

එම කඩුලු පහෙන් කඩුලු 4ක්ම දවා ගත්තේ ජස්ප්‍රිට් බුම්රා විසින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...