බබාර් 88, ලක්ෂිතට කඩුලු 3 ක්, ඇඹුල්දෙණියත් කඩුලු අතරට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු ක්‍රිකට් තරගයේ පළමු දිනය අද නිමා වුණා.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු දිනය නිමා වන විට ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා.

ආරම්භක පිතිකරුවන් වූ අබ්දුල්ලා ශෆික් ලකුණු 3කටත්, ඉමාම් උල් හක් ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා. අසාර් අලී ලකුණු 43යි.

බබාර් අසාම් ලකුණු 88ක් ලබා ගත්තේ හයේ පහර 4ක් හා හතරේ පහර 8ක් සමගින්. ෆවඩ් අලාම් ලකුණු 22යි.

මොහොමඩ් රිස්වාන් ලකුණු 31කට දැවී ගිය අතර, ශාන් මසූඩ් ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි.

නොදැවී පන්දුවට පහර දෙන Saud Shakeel ලකුණු 30ක් ද, Agha Salman ලකුණු 43ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහ කඩුලු 3ක් දවා ගත් අතර, ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 ක් බිද හෙලුවා. දිල්ෂාන් මධුෂංක හා ප්‍රමෝද් මදුෂාන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...