බංග්ලාදේශ කණ්ඩායම කොදෙව් සංචාරයේ සිය පළමු ජය ලබයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ සිය කණ්ඩායම ලැබූ පළමු ජය වාර්තා කිරීමට බංග්ලාදේශය මෙරට වේලාවෙන් අද(11) අලුයම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශය කඩුලු 6ක ජයක් වාර්තා කරමින්.

වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 41කට සීමා කෙරුණා.

Guyana හි Providence ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 41 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 149 ක් රැස් කළා.

ශමාර් බෘෘක්ස් ලකුණු 33ක්, ඇන්ඩර්සන් පිලිප් නොදැවී ලකුණු 21ක් හා නායක නිකලස් පූරාන් ලකුණු 18ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 4ක් දවා ගත් අතර, මෙහිදි හසාන් මිරාස් කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 31.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ටමිම් ඉක්බාල් ලකුණු 33කට දුවද්දී දැවී ගිය අතර, නජ්මුල් හොසේන් ලකුණු 37යි. මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 41ක් ද, නුරුල් හසාන් නොදැවී ලකුණු 20ක් ද රැස් කරමින් බංග්ලාදේශය ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී අකීල් හොසෙයින්, නිකලස් පූරාන් හා Gudakesh Motie එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...