LLC Masters තරගාවලියේ Asia Lions සංචිතයට ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙක්

Date:

මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ (Legends League Cricket) එනම් LLC Masters තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩා කරන Asia Lions සංචිතය නිවේදනය කර තිබෙනවා.

මෙම සංචිතය සදහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු 10 වැනිදා සිට 20 වැනිදා දක්වා කටාර් හි දෝහා නුවර Asian Town ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා India Maharajas, Asia Lions හා World Giants යන කණ්ඩායම තුන තරග වැදීමට නියමිතව තිබෙනවා.

Asia Lions සංචිතය සදහා ඇතුළත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, තිසර පෙරේරා, දිල්හාර ප්‍රනාන්දු හා ඉසුරු උදානයි.

තරගාවලිය ස්ටාර් ස්පෝට්ර්ස් රූපවාහිනී මාධ්‍ය ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...