ඇබෙල් වෙනුවට ජැක්ස් කැදවයි

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට විල් ජැක්ස් ආදේශ කර තිබෙනවා.

ආබාධයකට ලක් වූ ටොම් ඇබෙල් වෙනුවටයි මෙම ආදේශ කිරීම සිදු කර ඇත්තේ.

විල් ජැක්ස් මෙතෙක් එංගලන්ත ටෙස්ට් සංචිතය සමග නවසීලන්තයේ රැදී සිටි අතර, ඒ අනුව ඔහු අද (25) දිනයේ දී බංග්ලාදේශය වෙත පැමිණීමට නියමිතයි.

එංගලන්ත සීමිත පන්දුවාර සංචිතයේ සෙසු ක්‍රීඩකයින් ඊයේ (24) දිනයේ දී ඩකා නුවර වෙත ළගා වුණා.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ටොම් ඇබෙල් පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා සංචාරයට එක්ව සිටි අතර, එම තරග සංචාරය අතුරතුර දී යි ඔහු ආබාධයකට ලක් වුණේ.

බංග්ලාදේශ – එංගලන්ත එක්දින තරගාවලිය ලබන පළමු වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි. දෙවැනි එක්දින තරගය මාර්තු 3 වැනිදාත්, තෙවැනි එක්දින තරගය මාර්තු 6 වැනිදාත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව දෙරට අතර 20යි 20 තරගාවලිය පැවැත්වෙන්නේ මාර්තු 9, 12 හා 14 යන දිනවලදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...