ගාලු කණ්ඩායම ලකුණු 576 ක් ඉදිරියෙන්

Date:

ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ (National Super League 4-Day Tournament) ගාල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ තෙවැනි දිනය අද(25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 145 ක්.

පළමු ඉනිමේ දී ලකුණු 133 ක් රැස් කළ සොහාන් ද ලිවේරා දෙවැනි ඉනිමේ දී ලකුණු 15 කට දැවී ගියේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේයි. සංගීත් කුරේ නොදැවී ලකුණු 56 ක් හා ලක්ෂාන් එදිරිසිංහ නොදැවී ලකුණු 67 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 658 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 227 ක් පමණයි.

අද දිනය ආරම්භ කරන විට මහනුවර කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 62 ක්. අහන් වික්‍රමසිංහ ලකුණු 84 ක් හා ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 48 ක් ලබා ගනිමින් මහනුවර ඉනිම ලකුණු 227 ක් කරා රැගෙන යාමට දායකත්වය දක්වනු ලැබුවා.

පන්දු යැවීමේ දී කවිශ්ක අංජුල කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 40 ක් ලබා දෙමින්. දුනිත් වෙල්ලාලගේ ලකුණු 52 කට කඩුලු 3ක් බිද හෙලුවා.

මේ වන විට ගාලු කණ්ඩායම ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 576 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...