IPL 2024 auction : 8, 9 හා 10 වැනි වටවලදී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින්

Date:

මෙරට වේලාවෙන් අද පස්වරු එකට ඩුබායි හී දී ආරම්භ වූ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ මේ වන විට වට දහයක කටයුතු අවසන් වී තිබෙනවා.

මෙම පුවතින් අප අවධානය යොමු කරන්නේ 8 වැනි, 9 වැනි හා 10 වැනි වටවලදී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් පිළිබදවයි.

8 වැනි වටයේ දී මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති කඩුලු රකින ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණා.

එම වටයේ දී ක්‍රීඩකයින් තිදෙනෙකු අලෙවි වූ අතර, දෙදෙනෙකු අලෙවි වූයේ නැහැ.

9 වැනි වටයේ දී මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන්නන් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණා. එම වටයේ දී අලෙවි වූ ක්‍රීඩකයින් ගණන පහක්.

10 වැනි වටය ජාත්‍යන්තර වරම් දිනා නොමැති දග පන්දු යවන්නන් වෙනුවෙන් වෙන් කර තිබූ අතර, එම වටයේ දී ක්‍රීඩකයින් තිදෙනෙකු අලෙවි වුණා.

8 වැනි වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් – 

  1. Tom Kohler-Cadmore – ඉන්දීය රුපියල් ලක්ෂ 40 (රාජස්ථාන් රෝයල්ස්)
  2. Ricky Bhui – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (දිල්ලි කැපිටල්ස්)
  3. Urvil Patel – අලෙවි වූයේ නැහැ
  4. Vishnu Solanki – අලෙවි වූයේ නැහැ
  5. Kumar Kushagra – ඉන්දීය රුපියල් කෝටි 7.20 (දිල්ලි කැපිටල්ස්)

9 වැනි වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් – 

  1. Yash Dayal – ඉන්දීය රුපියල් කෝටි 5.0 (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
  2. Sushant Mishra – ඉන්දීය රුපියල් කෝටි 2.20 (ගුජරාට් ටයිටන්ස්)
  3. Kuldip Yadav – අලෙවි වූයේ නැහැ
  4. Akash Singh – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (සන්රයිසස් හයිදරාබාද්)
  5. Kartik Tyagi – ඉන්දීය රුපියල් ලක්ෂ 60 (ගුජරාට් ටයිටන්ස්)
  6. Ishan Porel – අලෙවි වූයේ නැහැ
  7. Rasikh Dar – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (දිල්ලි කැපිටල්ස්)

10 වැනි වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් – 

  1. Shiva Singh – අලෙවි වූයේ නැහැ
  2. Manav Suthar – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (ගුජරාට් ටයිටන්ස්)
  3. M. Siddharth – ඉන්දීය රුපියල් කෝටි 2.40 (ලක්නව් සුපර් ජයන්ට්ස්)
  4. Murgan Ashwin – අලෙවි වූයේ නැහැ
  5. Shreyas Gopal – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (මුම්බායි ඉන්දියන්ස්)
  6. Pulkit Narang – අලෙවි වූයේ නැහැ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...