නුවන් තුෂාරටත් IPL වෙන්දේසියේ දී ඉහළ මිලක්

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(19) සමත් වුණා.

ඒ, මේ වන විට ඩුබායි හී දී පැවැත්වෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී යි.

ඔහුව මිලදී ගැනීම සදහා පළමුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර සටනක් නිර්මාණය වුණා.

අනතුරුව බැංගලෝර් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර ඔහු වෙනුවෙන් සටනක් නිර්මාණය වූ අතර, අවසානයේ දී මුම්බායි කණ්ඩායම විසින් ඔහුව මිලදී ගැනීමට සමත් වුණේ ඉන්දීය රුපියල් කෝටි 4.80 ක මිලකටයි.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 18.8 ක පමණ අගයක් වනවා.

නුවන් තුෂාර වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක් යටතේයි.

මීට පෙර මුම්බායි කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ද මිලදී ගත්තා.

ඉන්දීය රුපියල් කෝටි 4.60 ක මුදලකටයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...