ශාරුක් ඛාන්ට අලුත් කණ්ඩායමක් – 6 වැනි හා 7 වැනි වටවලදී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් මෙන්න

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ඩුබායි හී දී පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු එකට ආරම්භ වූ වෙන්දේසියේ මේ වන විට වට හතක කටයුතු අවසන් වී තිබෙනවා.

6 වැනි හා 7 වැනි වටවලදී වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඉන්දීය පිතිකරුවන් හා තුන් ඉරියව් ක්‍රීඩකයින්.

6 වැනි වටයේ දී හා 7 වැනි වටයේ දී ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් අලෙවි වුණා.

එහිදී මීට පෙර පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ශාරුක් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 7.40 මුදලකට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් මිලදී ගැනීම කැපී පෙනුණා.

ඔහුව මිලදී ගැනීමට පංජාබ් කණ්ඩායම ද දැඩි සටනක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

6 වැනි වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් –

  1. Shubham Dubey – ඉන්දීය රුපියල් කෝටි 5.80 (රාජස්ථාන් රෝයල්ස්)
  2. Rohan Kunnummal – අලෙවි වූයේ නැහැ
  3. Saurav Chuahan – අලෙවි වූයේ නැහැ
  4. Priyansh Arya – අලෙවි වූයේ නැහැ
  5. Manan Vohra – අලෙවි වූයේ නැහැ
  6. Sameer Rizvi – ඉන්දීය රුපියල් කෝටි 8.4 (චෙන්නායි සුපර් කිංග්ස්)
  7. Angkrish Raghuvanshi – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (කොල්කටා නයිට් රයිඩර්ස්)

7 වැනි වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් – 

  1. Mohd. Arshad Khan – අලෙවි වූයේ නැහැ
  2. Sarfaraz Khan – අලෙවි වූයේ නැහැ
  3. Raj Angad Bawa – අලෙවි වූයේ නැහැ
  4. Vivrant Sharma – අලෙවි වූයේ නැහැ
  5. Arshin Kulkarni – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (ලක්නව් සුපර් ජයන්ට්ස්)
  6. Atit Sheth – අලෙවි වූයේ නැහැ
  7. Hrithik Shokeen – අලෙවි වූයේ නැහැ
  8. Shahrukh Khan – ඉන්දීය රුපියල් කෝටි 7.40 (ගුජරාට් ටයිටන්ස්)
  9. Ramandeep Singh – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (කොල්කටා නයිට් රයිඩර්ස්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...