IPL 2022 : TATA Punch මෝටර් රථය ඇතුළු සියලු සම්මාන හා මූල්‍ය ත්‍යාග බෙදී ගිය හැටි

Date:

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් අයි.පී.එල් ඉතිහාසයේ 15 වැනි අදියර ඊයේ(29) රාත්‍රියේ නිමාව දුටුවේ පළමු වරට අයි.පී.එල් පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට සිය මංගල ශූරතාවය හිමි කර දෙමින්.

තරග 74කින් යුත් දීර්ඝ තරගාවලියක් බවට පත් වූ මෙවර අයි.පී.එල් තරගාවලියේ අනුශූරතාවයෙන් පමණක් සෑහීමට කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය හා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සිදු වුණා.

මෙවර තරගාවලිය ආරම්භයේ දී හර්ඩික් පාන්ඩ්යාගේ නායකත්වයෙන් යුත් ටයිටන්ස් කණ්ඩායමට ශූරතාවය හිමි කර ගත හැකි යැයි කිසිවෙකුත් අනුමාන කළේ නැහැ.

කෙසේ වෙතත්, ශූරතාවය දිනා ගනු ඇතැයි අනාවැකි පල කළ සියලු කණ්ඩායම් අභිබවා යමින් ටයිටන්ස් කණ්ඩායම සිය පළමු අයි.පී.එල් තරගාවලියම ශූරයින් ලෙස අවසන් කරනු ලැබුවා.

තරගාවලියේ ශූරතාවය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමි වූ ත්‍යාග මුදල ඉන්දීය රුපියල් කෝටි 20ක්.

අනුශූරයින්ට ඉන්දීය රුපියල් කෝටි 12.5ක මූල්‍ය ත්‍යාගයක් හිමි වුණා.

කඩුලු 7කින් රාජස්ථාන් කණ්ඩායම පරාජයට පත් කළ අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ගුජරාට් ටයිටන්ස් නායක හර්ඩික් පාන්ඩ්යා. ඒ, ඔහු තුන් ඉරියව්වෙන්ම දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්. (ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක මූල්‍ය ත්‍යාගයක්)

තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික්. (ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක්)

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ජොස් බට්ලර් මෙවර තරගාවලියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවාට හිමි සම්මානය දිනා ගත්තේ හයේ පහර 45ක් එල්ල කරමින්. (ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක්)

මෙවර තරග වාරයේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත් වූයේ ද හතරේ පහර 83 ක් එල්ල කල ජොස් බට්ලර්. (ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක්)

තරගාවලියේ වේගවත්ම පන්දුව යොමු කිරීමේ සම්මානය ටයිටන්ස් කණ්ඩාමේ ලොකී ෆර්ගසන්ට හිමි වුණා. ඒ, අවසන් තරගයේ දී පැයට කිලෝ මීටර් 157.3ක වේගයකින් යොමු කළ පන්දුව හේතුවෙන්. (ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක්)

පවර් ප්ලේ අවස්ථාවේ දී දැක් වූ දක්ෂතාවලට පිරිනමන මෙවර තරගාවලියේ Powerplayer සම්මානය ද ජොස් බට්ලර් හිමි කර ගත්තා. (ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක්)

තරගාවලියේ හොදම ප්‍රහාරාත්මක වේගයට හිමි පිතිකරුවා බවට පත් වෙමින් Super Striker සම්මානයෙන් පිදුම් ලැබුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ දිනේෂ් කාර්තික්. ඒ, 183.33 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්. ඔහුට TATA Punch මෝටර් රථයක් ද හිමි වුණා.

මෙවර තරග වාරයට අදාළ ජීව ගුණයට හිමි සම්මානය හෙවත් Fairplay සම්මානය දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් හා රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් සමත් වුණා.

ජොස් බට්ලර් විසින් මෙවර තරග වාරය සදහා වූ Gamechanger සම්මානය ද හිමි කර ගත්තා. (ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක්)

කඩුලු 27ක් දවා ගනිමින් වැඩිම කඩුලාභියාට හිමි දම් පැහැති හිස්වැසුම දිනා ගත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යුස්වේන්ද්‍ර චෙහල්. (ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක්)

ලකුණු 863ක් වාර්තා කළ ජොස් බට්ලර් තරගාවලියේ වැඩිම ලකුණුලාභියාට හිමි වන තැඹිලි පැහැති හිස් වැසුම හිමි කර ගත්තා. (ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක්)

තරගාවලියේ හොදම උඩ පන්දුව රැක ගැනීමට හිමි සම්මානය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ එවින් ලුවිස් විසින් දිනා ගත්තා. (ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක්)

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ජොස් බට්ලර්. (ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...