පාන්ඩ්යාගේ තුන් ඉරියව් දක්ෂතා ටයිටන්ස් කණ්ඩායමට මංගල IPL ශූරතාවය හිමි කර දෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිය පළමු අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(29) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් මහා තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කරමින්.

අහ්මදාබාද්හි පැවැති අවසන් මහා තරගය ආරම්භ වීමට පෙර විචිත්‍රවත් සමාප්ති උත්සවයක් ද පැවැත්වුණේ බොලිවුඩ් නලු රන්වීර් සිං හා ගායන ශිල්පී ඒ.ආර්. රහ්මන්ගේ ද සහභාගීත්වයෙන්.

ලොව විශාලතම ක්‍රිකට් ජර්සිය නිර්මාණය කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම සමාප්ති උත්සවයේ දී ගිනස් ලෝක වාර්තා පොතට ද ඇතුළත් වුණා.

ප්‍රේක්ෂකයින් ලක්ෂයට අධික (104,859) පිරිසක් ඉදිරියේ රාත්‍රී 8ට ආරම්භ වූ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ රාජස්ථාන් කණ්ඩායමේ නායක සංජු සැම්සන්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළ නමුත්, රාජස්ථාන් පිතිකරුවන්ට දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ගුජරාට් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 130ක් ලබා ගනිමින්.

ආරම්භක පිතිකරුවන් වූ යෂස්වි ජයිස්වාල් ලකුණු 22කටත්, ජොස් බට්ලර් ලකුණු 39කටත් දැවී ගියා.

රියාන් පරාග් ලකුණු 15යි. නායක සංජු සැම්සන් මෙම තරගයේ දී ලකුණු 14කට දැවී ගියා. ශිම්රන් හෙට්මයර් හා ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 11 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(133/3)

ව්රිධිමන් සහා ලකුණු 5කටත්, මැතිව් වේඩ් ලකුණු 8කටත් දැවී ගියා. කෙසේ වෙතත්, නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 34ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කළා.

ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 45ක් හා ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 32ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට පළමු අයි.පී.එල් ශූරතාවය හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, ප්‍රසිද් ක්‍රිෂ්නා හා යුස්වේන්ද්‍ර චෙහල් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

එම කඩුල්ලත් සමග චෙහල් (කඩුලු 27) මෙවර තරගාවලිය අවසන් කළේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙසයි.

ඒ, මෙතෙක් වැඩිම කඩුලුලාභීයා වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වනිදු හසරංග(කඩුලු 26) අභිබවා යමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...