එළඹෙන ගිම්හාන තරග වාරයට අයත් සිය ජාත්‍යන්තර තරග කාලසටහන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අද(30) නිවේදනය කළා.
ඒ අනුව 2022-23 ගිම්හාන සෘතුවේ දී රටවල් 6ක් ඔස්ට්‍රේලියාවේ තරග සංචාරවල නිරත වීමට නියමිතයි.
අගෝස්තු සිට ජනවාරි දක්වා කාලයට අයත් මෙම තරග කාලසටහනට එරට දී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද අයත්.
එළඹෙන ගිම්හාන සෘතුවේ දී 20යි 20 ලෝක කුසලානය හැරුණු විට ද්විපාර්ශ්වික තරගාවලි යටතේ ඕස්ට්‍රේලියානු පිරිමි හා කාන්තා කණ්ඩායම් ටෙස්ට් හා සීමිත පන්දුවාර තරග 28ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ගිම්හාන සෘතුව අරඹමින් පළමුව පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක්.
එම තරගාවලිය අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
අනතුරුව නවසීලන්තයට එරෙහිව එක්දින තරග 3ක් සැප්තැම්බර් 6 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඔක්තෝබර් 5 වැනිදා සිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග 2කින් යුත් 20යි 20 තරගාවලියක් ආරම්භ වන අතර, අනතුරුව ඔක්තෝබර් 9 වැනිදා සිට එංගලන්තයට එරෙහිව තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් පැවැත්වෙන බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වනවා.
ලෝක කුසලානයෙන් පසුව තරග 3කින් යුත් එක්දින තරගාවලියක් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන්නේ නොවැම්බර් 17 වැනිදා සිටයි.
ගිම්හාන සෘතුවේ සිය පළමු ටෙස්ට් තරගාවලිය සදහා ඔස්ට්‍රේලියාව මුහුණ දෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.
එම තරගාවලිය නොවැම්බර් 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
තරග දෙකකින් යුත් එම තරගාවලියෙන් පසුව දෙසැම්බර් 17 වැනිදා සිට තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් සදහා ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිවයි.
එම ටෙස්ට් තරගාවලියෙන් පසුව ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියක් ද පැවැත්වෙනවා.
මේ අතර, පාකිස්තාන කාන්තා කණ්ඩායම ද ඕස්ට්‍රේලියානු තරග සංචාරයක නිරත වන්නේ එක්දින හා 20යි 20 තරග 3 බැගින් යුත් තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම සදහායි.
ජනවාරි 16 වැනිදා සිට 29 වැනිදා දක්වා එම තරග පැවැත්වීමට නියමිතයි.
2022-23 Australian home international schedule :
- Men’s Dettol ODI Series v Zimbabwe
Sunday Aug 28: Riverway Stadium, Townsville
Wednesday Aug 31: Riverway Stadium, Townsville
Saturday Sep 3: Riverway Stadium, Townsville
- Men’s Dettol ODI Series v New Zealand
Tuesday, Sep 6: Cazaly Stadium, Cairns
Thursday, Sep 8: Cazaly Stadium, Cairns
Sunday Sep 11: Cazaly Stadium, Cairns
- Men’s Dettol T20I Series v West Indies
Wednesday Oct 5: Metricon Stadium, Gold Coast
Friday Oct 7: Metricon Stadium, Gold Coast
- Men’s Dettol T20I Series v England
Sunday Oct 9: The Gabba
Wednesday Oct 12: Manuka Oval, Canberra
Friday Oct 14: Manuka Oval, Canberra
- ICC Men’s T20 World Cup
Oct 16-Nov 13
- Men’s Dettol ODI Series v England
Thursday Nov 17: Adelaide Oval
Saturday Nov 19: SCG
Tuesday Nov 22: MCG
- Men’s Vodafone Test Series v West Indies
Nov 30 – Dec 4: First Test, Perth Stadium
Dec 8-12: Second Test, Adelaide Oval
- Men’s Vodafone Test Series v South Africa
Dec 17-21: First Test, the Gabba
Dec 26-30: Second Test, MCG
Jan 4-8: Third Test, SCG
- Men’s Dettol ODI Series v South Africa
*Dates subject to confirmation
Thursday Jan 12: Blundstone Arena, Hobart
Saturday Jan 14: SCG
Tuesday Jan 17: Perth Stadium
- Women’s CommBank ODI Series v Pakistan
Monday Jan 16: Allan Border Field, Brisbane
Wednesday Jan 18: Allan Border Field, Brisbane
Saturday Jan 21: North Sydney Oval
- Women’s CommBank T20I Series v Pakistan
Tuesday Jan 24: North Sydney Oval
Friday Jan 27: Manuka Oval, Canberra
Sunday Jan 29: Manuka Oval, Canberra

