IPL 2020 : බට්ලර් සහ ගේල් අද තරගයට සූදානම් – Preview

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය අද(27) පැවැත්වෙනවා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට සාජාහී දී ආරම්භ වනු ඇති.

අද තරගය සදහා රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ඔහුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමෙන් අනතුරුව ගත කිරීමට සිදු වූ දින හයක නිරෝධායන කාලය මේ වන විට අවසන්ව තිබීම හේතුවෙන්.

එමෙන්ම පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් පළමු තරග දෙක සදහාම ක්‍රීඩා නොකළ කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් මෙම තරගය සදහා බොහෝ විට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් පවතිනවා.

පන්ජාබ් කණ්ඩායම තමන් සහභාගී වූ තරග දෙකෙන් එක් තරගයක් ජය ගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, රාජස්ථාන් කණ්ඩායම තමන් ක්‍රීඩා කළ එකම තරගය ජය ගනිමින් සිව්වන ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...