ඩීන් ජෝන්ස් සහ බ්‍රෙට් ලී අවසන් මොහොතේ ගොල්ෆ් ගැසූ හැටි

Date:

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීන විස්තර විචාරකයෙකු වූ ඩීන් ජෝන්ස් පසුගියදා අභාවප්‍රාප්ත වුණේ ක්‍රිකට් ලොවට පිරිමැසිය නොහැකි හිඩසක් ඉතිරි කරමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරක කටයුතු වෙනුවෙන් ඉන්දියාවට පැමිණ සිටි ඔහු මුම්බායි නුවර දී මියයන විට 59 වන වියේ පසු වුණා.

ඔහුගේ අභාවයට පෙර ඩීන් ජෝන්ස් සමීපවම ඇසුරු කළේ හිටපු ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන්නෙකු සහ විස්තර විචාරකයෙකු වන බ්‍රෙට් ලී.

ඩීන් ජෝන්ස් හෘදයාබාධයකට ලක් වූ අවස්ථාවේ දී ඔහුගේ ජීවිතය බේරා ගැනීම සදහා බ්‍රෙට් ලී දැඩි උත්සාහයක් දැරූ බවට ද මාධ්‍ය වාර්තා පලව තිබුණා.

ඔවුන් දෙදෙනා ගත කළ අවසන් කාලයට අදාළ වීඩියෝවක් මේ වන විට බ්‍රෙට් ලී විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝවේ ඇතුළත්ව ඇත්තේ ඩීන් ජෝන්ස්, බ්‍රෙට් ලී සහ නවසීලන්තයේ ස්කොට් ස්ටයිරිස් ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලය තුළ ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වන අයුරුයි.

එහිදී ඩීන් ජෝන්ස් විසින් හාස්‍ය මුසු කරමින් විස්තර විචාරක කටයුතුවලද නිරත වනු දක්නට ලැබෙනවා.

එම වීඩියෝව පහතින් – (Video Source : CRICINFO)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...