IPL වෙන්දේසියේ දී ඩිල්ෂාන් මදුෂංකත් ඉහළ මිලකට අලෙවි වෙයි

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද (19) සමත් වුණා.

ඒ, මේ වන විට ඩුබායි හී දී පැවැත්වෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී යි.

ඉන්දීය රුපියල් කෝටි 4.60 ක මුදලකටයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තේ.

ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 18 ක් පමණ වනවා.

ඔහු වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික වටිනාකමක් යටතේයි.

ඔහුව මිලදී ගැනීම සදහා පළමුව ලංසු ඉදිරිපත් කළේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි. අනතුරුව මහේල ජයවර්ධන ද රැදී සිටින මුම්බායි කලමණාකාරීත්වය විසින් ලංසු ඉදිරිපත් කළා.

එම කණ්ඩායම් දෙක අතර පැවැති උණුසුම් සටනකින් පසුව මුම්බායි කණ්ඩායම විසින් ඩිල්ෂාන් මදුෂංක මිලදී ගැනීමට සමත් වුණා.

ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ දී ද ඉහළම මිලකට අලෙවි වූයේ ඩිල්ෂාන් මදුෂංකයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...