කමින්ස් අභිබවා මිචෙල් ස්ටක් IPL වෙන්දේසි ඉතිහාසය වෙනස් කරයි

Date:

මෙවර එක්දින ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ දී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට අද(19) අලෙවි වීමෙන් පැය දෙකක කාලයක් ගත වීමටත් පෙර ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් විසින් එම වාර්තාව බිද දැමීමට සමත් වුණා.

ඔහුව ඉන්දීය රුපියල් කෝටි 24.75 ක මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මේ වන විට ඩුබායි හී දී පැවැත්වෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගත්තේ අයි.පී.එල් ඉතිහාසයේ දී ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළම වටිනාකම සටහන් කරමින්.

ඔහුට හිමි වූ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 97.24 ක පමණ අගයක් වනවා. ස්ටක් වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් හිමි කාණ්ඩය යටතේයි.

අද දහවල් වෙන්දේසිය ආරම්භ වී සුළු වේලාවකට පසුව පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 20.5 කට මිලදී ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 80.5 ක පමණ වටිනාකමක් වනවා. කමින්ස් වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් යටතේයි.

අයි.පී.එල් වෙන්දේසි ඉතිහාසයේ වැඩිම වටිනාකමක් හිමි වූ ක්‍රීඩකයින් –

  1. මිචෙල් ස්ටක් – ඉන්දීය රුපියල් කෝටි 24.75 (කොල්කටා නයිට් රයිඩර්ස් – 2024)
  2. පැට් කමින්ස් – ඉන්දීය රුපියල් කෝටි 20.5 (සන්රයිසස් හයිදරාබාද් – 2024)
  3. සෑම් කරන් – ඉන්දීය රුපියල් කෝටි 18.5 (පංජාබ් කිංග්ස් – 2023)
  4. කැමරන් ග්‍රීන් – ඉන්දීය රුපියල් කෝටි 17.5 (මුම්බායි ඉන්දියන්ස් – 2023)
  5. බෙන් ස්ටොක්ස් – ඉන්දීය රුපියල් කෝටි 16.25 (චෙන්නායි සුපර් කිංග්ස් – 2023)
  6. ක්‍රිස් මොරිස් – ඉන්දීය රුපියල් කෝටි 16.25 (රාජස්ථාන් රෝයල්ස් – 2021)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...