IPL වෙන්දේසියේ දෙවැනි වටයේ දී අලෙවි වූ ක්‍රීඩකයින් ලැයිස්තුව මෙන්න

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ඩුබායි හී දී පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු එකට ආරම්භ වූ වෙන්දේසියේ මේ වන විට වට දෙකක කටයුතු අවසන් වී තිබෙනවා. එම වටයට ඉදිරිපත් කළ ක්‍රීඩකයින් 9 දෙනාම අලෙවි වීම විශේෂත්වයක්.

දෙවැනි වටයේ දී පළමුව වෙන්දේසියට ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකාවේ වනිදු හසරංග. ඔහුව සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මුදලකට මිලදී ගත්තා.

මේ අතර, 2023 එක්දින ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ දී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට අද(19) අලෙවි වුණා.

කමින්ස් වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් යටතේයි. කෙසේ වෙතත්, කණ්ඩායම් කිහිපයක් අතර පැවැති උණුසුම් සටනකින් පසුව ඔහුව ඉන්දීය රුපියල් කෝටි 20.5 කට මිලදී ගත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසිනුයි.

මෙවර වෙන්දේසිය සදහා පළමුව ඉදිරිපත් කෙරුණේ කොදෙව් ක්‍රීඩක රොව්මන් පවෙල්. ඔහුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 7.4 මුදලකට මිලදී ගත්තා. ඒ, ඔහු ඉන්දීය රුපියල් කෝටියක මූලික වටිනාකමකට වෙන්දේසියට ඉදිරිපත්ව සිටි පසුබිමකයි.

ක්‍රීඩකයින් 330කට වැඩි පිරිසක් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අතර, ඉන් ක්‍රීඩකයින් 214 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වනවා. වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 120 කට ආසන්නයි.

දෙවැනි වටයේ දී අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව –

  1. වනිදු හසරංග (SL) – ඉන්දීය රුපියල් කෝටි 1.5 (සන්රයිසස් හයිදරාබාද්)
  2. රචින් රවීන්ද්‍ර (NZ) – ඉන්දීය රුපියල් කෝටි 1.8 (චෙන්නායි සුපර් කිංග්ස්)
  3. ශර්දුල් තාකූර් (IND) – ඉන්දීය රුපියල් කෝටි 4 (චෙන්නායි සුපර් කිංග්ස්)
  4. අස්මතුල්ලාහ් ඔමර්සායි (AFG) – ඉන්දීය රුපියල් ලක්ෂ 50 (ගුජරාට් ටයිටන්ස්)
  5. පැට් කමින්ස් (AUS) – ඉන්දීය රුපියල් කෝටි 20.5 (සන්රයිසස් හයිදරාබාද්)
  6. ඩැරල් මිචෙල් (NZ) – ඉන්දීය රුපියල් කෝටි 14 (චෙන්නායි සුපර් කිංග්ස්)
  7. හර්ෂාල් පටෙල් (IND) – ඉන්දීය රුපියල් කෝටි 11.75 (පංජාබ් කිංග්ස්)
  8. ක්‍රිස් වෝක්ස් (ENG) – ඉන්දීය රුපියල් කෝටි 4.2 (පංජාබ් කිංග්ස්)
  9. ජෙරාල්ඩ් කොට්සියා (SA) – ඉන්දීය රුපියල් කෝටි 5 (මුම්බායි ඉන්දියන්ස්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...