IPL වාර්තා රැසක් අලුත් වූ තරගයෙන් සන්රයිසස් පිලට ලකුණු 31 ක ජයක්

Date:

වාර්තා රැසක් අලුත් කරමින් හයිදරාබාද් හී දී නිමා වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(27) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 277 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

වාර්තාගත හඹා යාමක් සදහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 246 ක් පමණයි.

හයිදරාබාද් කණ්ඩායම මෙම තරගයේ දී ලබා ගත් ලකුණු 277 ඉතිහාසගත වුණේ අයි.පී.එල් තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

Also Read :  IPL තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සන්රයිසස් බිද දමයි

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම පිතිකරුවන් හයේ පහර 38ක් එල්ල කළ අතර, එය ද අයි.පී.එල් තරගයකදී හා විස්සයි 20 තරගයකදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව බිද දැමීමක් වනවා.

එමෙන්ම මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම ලකුණු 523 ක් ලබා ගැනීමට සමත් වූ අතර, එය ද අයි.පී.එල් තරගයකදී හා විස්සයි 20 තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ. කිසිදු අයි.පී.එල් තරගයකදී මීට පෙර ලකුණු 500 ක් වාර්තා වී තිබුණේ නැහැ.

සන්රයිසස් ඉනිම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් ට්‍රැවිස් හෙඩ් පන්දු 24 කින් ලකුණු 62 ක් ද, අංක 3 පිතිකරු අභිෂේක් ෂර්මා පන්දු 23 කින් ලකුණු 63 ක් ද වාර්තා කළා.

අභිෂේක් සිය අර්ධ ශතකය පන්දු 16 කින් වාර්තා කළ අතර, එය සන්රයිසස් වෙනුවෙන් අයි.පී.එල් ඉතිහාසයේ දී වාර්තා වූ වේගත්ම අර්ධ ශතකයයි. ඔහුට පෙර පන්දු 18 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ට්‍රැවිස් හෙඩ් මේ වන විට සන්රයිසස් වෙනුවෙන් දෙවැනි වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙස ඉතිහාසගත වී සිටිනවා.

හෙන්රික් ක්ලාසන් නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තේ පන්දු 34 ක් පමණක් වැය කරමින්. හයේ පහර 7ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, සන්රයිසස් කණ්ඩායමේ පන්දු යවන්නන් අවසන් පන්දුවාර 10 තුළ දී ප්‍රදර්ශනය කළ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එම බලාපොරොත්තු මුම්බායි පිලෙන් ගිලිහී ගියා.

තිලක් වර්මා පන්දු 34 කින් ලකුණු 64 ක් ලබා ගත් අතර, ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 42 ක් රැස් කළේ පන්දු 22 කින්. ඉෂාන් කිෂන් ලකුණු 34(13) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජයිදේව් උනඩ්කට් හා පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...