රසල් හාමර්ගේ අභාවය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකා හිටපු කඩුලු රකින ක්‍රීඩකයෙකු වන රසල් හාමර්ගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සිය ශෝකය පල කර තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 76 වන වියේ පසු වුණා.

1964 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ඔහු 1975/76 ඉන්දියාවේ සිදු කළ සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින්නා ලෙස නිල නොවන ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග දෙකකට ක්‍රීඩා කර තිබුණා.

ජාතික කණ්ඩායමෙන් තමන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොණු කළ එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ රසල් හාමර්.

ඉන්දීය සංචාරයෙන් පසු තමාව කණ්ඩායමට තෝරා නොගැනීම සම්බන්ධයෙන් ඔහු එලෙස නඩු පැවරූ නමුත් ඉන් ඔහු පරාජයට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...