IPL තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සන්රයිසස් බිද දමයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිද දැමීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(27) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 8 වැනි තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 3 ක් දැවී ලකුණු 277 ක් වාර්තා කරමින්.

මීට පෙර අයි.පී.එල් තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබුණේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින්.

ඔවුන් 2013 වසරේ දී පූනේ වොරියර්ස් පිලට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 263 ක් ලබා තිබුණා.

අද තරගයේ දී සන්රයිසස් ඉනිම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් පන්දු 24 කින් ලකුණු 62 ක් ද, අභිෂේක් ෂර්මා පන්දු 23 කින් ලකුණු 63 ක් ද වාර්තා කළා.

හෙන්රික් ක්ලාසන් නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තේ පන්දු 34 ක් පමණක් වැය කරමින්. හයේ පහර 7ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අයි.පී.එල් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණයන් –

  • SRH 277/3 v MI (2024)
  • RCB 263/5 v Warriors (2013)
  • LSG 257/5 v Punjab Kings (2023)
  • RCB 248/3 v Guj Lions (2016)
  • CSK 246/5 v RR (2010)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...