IPL බුබුලට කොරෝනා රිංගුවේ කොහොමද කියලා ඇත්තටම මම දන්නේ නෑ : ගංගුලි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුල බිදී යාමට හේතු වූයේ නගර අතර ගමන් කිරීම විය හැකි බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පවසනවා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සදහා පසු ඇගයුමක් සිදු කළ යුතු බවයි හෙතෙම සදහන් කළේ.

Telegraph පුවත්පත වෙත අදහස් දක්වමින් ගංගුලි වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීමට අවධානය යොමු කර ඇති බවයි.

“ජෛව ආරක්ෂිත බුබුල තුළ ඇති වූ මෙම තත්ත්වයට හේතු වුණේ මොකක්ද කියලා ඇත්තටම මම දන්නේ නැහැ” යනුවෙන් ගංගුලි ඉන්දීය පුවත්පතක් සමග අදහස් දක්වමින් සදහන් කළා.

“ඒකට හේතුව හොයන්න අපිට සිද්ධ වෙනවා පසු ඇගයීමක් කරන්න. නමුත් සංචාරය කිරීම (ක්‍රීඩාංගනයකින් තවත් ක්‍රීඩාංගනයකට මාරු වීම) ගැටලුවක් වෙන්න ඇති.”

“පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලිය සීමා සහිත ප්‍රදේශයක ක්‍රීඩාංගන 3කට පමණක් සියල්ල සීමා වුණා. ගුවන් ගමන් සම්බන්ධ වුණේ නැහැ. මෙහිදි (මෙම වසරේ දී ඉන්දියාවේ දී) අපිට ක්‍රීඩාංගන 6ක් තිබුණා”

මෙවර අයි.පී.එල් තරගාවලියට තරග වැදුණු කණ්ඩායම් 8න් කණ්ඩායම් 4කින්ම කොවිඩ් 19 හෙවෙත් කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වුණා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වරුන් චක්‍රවර්තීට සහ සන්දීප් වොරියර්ට, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු එල්. බලාජිට සහ සේවා කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ව්රිධිමන් සහාට මෙන්ම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ අමිත් මිශ්රාට වෛරසය ආසාදනය වූ අතර, ඒ අනුව තරගාවලිය අතරමගදී අත්හිටුවීමටයි තීරණය කෙරුණේ.

අනතුරුව චෙන්නායි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු මයික් හසීට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.

2020 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා වූ ජෛව ආරක්ෂිත බුබුල කළමණාකරණය කළේ Restrata නම් බ්‍රිතාන්‍ය කේන්ද්‍රකර ගත් සමාගමක්.

කෙසේ වෙතත්, මෙවර තරග වාරයේ දී අයි.පී.එල් බළධාරීන් එය දේශීයව සිදු කර ගැනීමටයි තීරණය කළේ.

මෙවර තරගාවලියේ තරග 29ක් පමණක් ක්‍රියාත්මක වූ අතර, ඒ අනුව ඉතිරි තරග 31 පවත්වා අවසන් කරන්නේ කෙසේ දැයි මේ වන විට පවතින බරපතල ගැටලුවක්.

ALSO READ : මහේල මාලදිවයිනේ නිරෝධායනයට යොමු කෙරේ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...