මහේල මාලදිවයිනේ නිරෝධායනයට යොමු කෙරේ

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මාලදිවයිනේ දී නිරෝධායනයට ලක් වීමට නියමිත බව මුම්බායි ඉන්දියන්ස් බළධාරීන් පවසනවා.

අනතුරුව ඔහු ශ්‍රී ලංකාව බලා පිටත්ව යනු ඇති බවයි එම කණ්ඩායම නිවේදනය කළේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට පසුගියදා තීරණය කිරීමත් සමග මුම්බායි කණ්ඩායමේ සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් ද මාලදිවයින වෙතම විශේෂ ගුවන් යානයකින් පිටත් කර හැරීමට කටයුතු කරනු ඇති.

ඔවුන් එරටදී දින 14ක නිරෝධායන කාලසීමාවක් ගත කිරීමෙන් පසුව යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට සෘජුව පැමිණීමට අවසර ලබා නොදීම ඊට හේතුවයි.

නවසීලන්ත, දකුණු අප්‍රිකා සහ කොදෙව් ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් ඔක්ලන්ඩ්, ජොහැනස්බර්ග් සහ ට්‍රිනිඩෑඩ් බලා විශේෂ ගුවන් යානා මගින් පිටත් කර හැරීමට මුම්බායි ඉන්දියන්ස් බළධාරීන් කටයුතු සැලසුම් කර තිබෙනවා.

ALSO READ : IPL බුබුලට කොරෝනා රිංගුවේ කොහොමද? ගංගුලි හේතු පහදයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...