IPL නිසා විලියම්සන්ට ලෝක කුසලානයත් අහිමි වෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී පන්දු රකිමින් සිටියදී සිදු වූ ආබාධය හේතුවෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන්ට මෙම වසරේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

දකුණු දණහිසේ සිදු වූ එම ආබාධය හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වන බවටයි නවතම වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව ලෝක කුසලානයට පෙර ඔහුට මෙම ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබීමට නොහැකි වනු ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ඉදිරි සති 3ක කාලය අතරතුර දී විලියම්සන් ශල්‍යකර්මයට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඔහු මාස 6ක පමණ කාලයක් සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...