NSL අවසන් මහා තරගය අද ; ත්‍යාග මුදල් බෙදී යන්නේ මෙහෙමයි

Date:

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(6) පැවැත්වෙනවා.

දඹුල්ල කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගය පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

අවසන් මහා තරගය චැනල් අයි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිල යූටියුබ් නාලිකාව ඔස්සේ ද තරගය සජීවීව විකාශය කිරීමට නියමිතයි.

දඹුල්ල කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩා කළ තරග 8න් තරග 7ක් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින්.

යාපනය කණ්ඩායම තරග 8න් තරග 4 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත්තා.

තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 2,000,000 ත්‍යාග මුදලක් පිරිනැමීමට නියමිතයි.

අනුශූරයින් සදහා වෙන් කර ඇති ත්‍යාග මුදල වන්නේ රුපියල් 1,000,000 ක්.

Prize Money

  • Champions: LKR 2,000,000
  • Runner up: LKR 1,000,000
  • Player of the Tournament: LKR 300,000
  • Best Batman: LKR 150,000
  • Best Bowler: LKR 150,000
  • Player of the Finals: LKR 75,000

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...