ධවාන්ගේ ප්‍රහාරය හා ඇලස්ගේ කඩුලු 4 පංජාබ් පිලට ජය ගෙනෙයි

Date:

ශිකර් ධවාන්ගේ හා ප්‍රබ්සිම්රන් සිංගේ වේගවත් ඉනිම් හා නේතන් ඇලස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා

ගුවහාටිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 197 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 192 ක් පමණයි.

පංජාබ් ඉනිම වෙනුවෙන් නායක ධවාන් පන්දු 56 කින් ලකුණු 86 ක් රැස් කළා. ප්‍රබ්සිම්රන් සිං පන්දු 34 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 60 ක්. භානුක රාජපක්ෂ එක් ලකුණක් ලබා සිටියදී සිදු වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගත්තා.

රාජස්ථාන් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක සංජු සැම්සන් පන්දු 25 කින් ලකුණු 42 ක් රැස් කළ අතර, ශිම්රන් හෙට්මයර් ලකුණු 36(18) යි. Dhruv Jurel පන්දු 15 කින් නොදැවී ලකුණු 32 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නේතන් ඇලස් ලකුණු 30 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...