IPL තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පවත්වන්නැයි යෝජනා

Date:

පසුගියදා අතරමගදී අත්හිටුවීමට කටයුතු කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අවස්ථාව ලබා දිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකර කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

“අපිට සිද්ධ වෙනවා අනිත් ක්‍රිකට් ආයතනත් සමග සාකච්ඡා කරන්න. 20යි 20 ලෝක කුසලානයට පෙර සුදුසු කාලයක් සකස් කර ගත හැකිදැයි බලන්න අවශ්‍යයි.” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි සදහන් කර ඇති පසුබිමකයි ශ්‍රී ලංකාව ද අයි.පී.එල් තරගාවලිය මෙරට දී පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තේ. ALSO READ : IPL බුබුලට කොරෝනා රිංගුවේ කොහොමද කියලා ඇත්තටම මම දන්නේ නෑ : ගංගුලි

කොරෝනා වසංගතයෙන් බලපෑම් එල්ල වීම හේතුවෙන් තරගාවලියේ තරග 29ක් පමණක් පැවැත්වීමෙන් පසුව පසුගියදා අයි.පී.එල් බළධාරීන් තරගාවලිය අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව ඉතිරි තරග 31 පවත්වා ගැනීමට නොහැකි වුවහොත් ඒ ඔස්සේ ඉන්දීය ක්‍රිකට් ආයතනයට අහිමි වන ආදායම ඉන්දීය රුපියල් කෝටි 2,500කට ආසන්නයි.

“ඔව් අපිට අනිවාර්යයෙන්ම සුදුසු කාලයක් සැප්තැම්බර් මාසයේ දී ලබා දිය හැකියි අයි.පී.එල් තරගාවලිය පවත්වන්න.” යනුවෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා විදෙස් මාධ්‍යකට සදහන් කළා. ALSO READ : මහේල මාලදිවයිනේ නිරෝධායනයට යොමු කෙරේ

“අපි සැලසුම් කරමින් ඉන්නවා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි සහ අගෝස්තු මාසවලදී පවත්වන්න. අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩාංගන සහ යටිතල පහසුකම් සැප්තැම්බර් මාසයේ දී සූදානම්”

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ද යම් අවධානයක් යොමුව ඇති අතර, එංගලන්ත ප්‍රාන්ත කිහිපයක් ද තරගාවලිය එංගලන්තයේ පැවැත්වීම සදහා යෝජනා කර තිබෙනවා.

පසුගිය වසරේ පැවැති අයි.පී.එල් තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම සදහා ද ශ්‍රී ලංකාව සහ නවසීලන්තය  යෝජනා ඉදිරිපත් කර තිබූ නමුත්, අවසානයේ තරගාවලිය පැවැත්වීමට තීරණය කෙරුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී යි. ALSO READ : වෙස්වළාගත් බුකීකරුවන් IPL පිටියේ දී පොලිස් දැලේ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...