IPL තරගාවලියෙන් පසු එංගලන්තයේ දී WTC අවසන් තරගය ක්‍රීඩා කරන්න රෝහිත් බෑ කියයි

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි මාසයේ දී එංගලන්තයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා සිය අප්‍රසාදය පල කර තිබෙනවා.

දෙවැනි වරටත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් පරාජයට පත් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඔස්ට්‍රේලියාව සමග පැවැති මෙවර ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාව ලකුණු 209 කින් ඊයේ(11) පරාජයට පත් වුණා.

අයි.පී.එල් තරගාවලිය නිමා වීමෙන් පසුව එංගලන්තයට පැමිණ ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ක්‍රීඩා කිරීම සදහා අනුවර්තනය වීමට ඉන්දීය කණ්ඩායමට ලැබී තිබුණේ කෙටි කාලයක් පමණයි.

“ඇයි අයි.පී.එල් අවසන් තරගයෙන් පසුව? ඇයි ඒක මාර්තු මාසයේ බැරි? අවසන් තරගය ක්‍රීඩා කළ හැකි එකම මාසය ජූනි මාසය විතරක් නෙවෙයි” යනුවෙන් රෝහිත් ප්‍රශ්න කර සිටියා.

“ඒක අවුරුද්දේ ඕනෑම කාලයකදී ක්‍රීඩා කළ හැකියි. එංගලන්තයේ විතරක් නෙවෙයි ලෝකෙ ඕනෑම තැනක ක්‍රීඩා කළ හැකියි.”

2019-21 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ද 2021 වසරේ ජූනි මාසයේ දී එංගලන්තයේ සවුත්හැම්ටන් හී දී පැවැති අතර, එම තරගයෙන් නවසීලන්තය හමුවේ ඉන්දියාව කඩුලු 8කින් පරාජයට පත් වුණා.

2025 අවසන් මහා තරගය ද ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර, ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින් එක් අවසන් මහා තරගයකින් තෝරා නොගෙන තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියක් ලෙස පවත්වා ශූරයින් තෝරා ගැනීම යෝග්‍ය බව ද රෝහිත් ෂර්මා මෙහිදී අවධාරණය කර සිටියා.

විරාත් කෝලි හා ඩේවිඩ් වෝනර් ද මීට පෙර එම අදහස ඉදිරිපත් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...